All About Sri Lanka and Theravada Buddhism - SihaDerana.com
...අප සැමගේ තනි සිතුවිලි එකමුතු වුවහොත්, ශ්‍රී ලංකාද්වීපයේ සැමට සුවදායක මතු දිනක් බිහි කල හැක...

 ඒ සත්‍යයේ බලයෙන් අප සැම තනි තනිව සිට වුවද එක්සිත් වුවහොත් අප ලක්දිව තුළ දිවි ගෙවන එකෙක් නෑර සැමටම උදාරකර, සුඛෝපභෝගී, සුවදායක මතු හෙළදිවක් උදා කරලීමට කිසිවකුට නොනැවැත්විය හැකි මහා සයුර වැනි ශක්තියක් උදාවන බව අප තුළ කිසිඳු සැක නොමැත෴

ජාතක කතා


ජාතක කතා පන්සිය පණහක් ඇති බව සාමාන්‍ය පිළිගැනීමයි. එහෙයින් පන්සිය පණස් ජාතක කතා‍ ‍ලෙසද ව්‍යවහාර ‍වේ. නමුත් දැනට භාවිත‍‍යේ පවතින්නේ ජාතක කතා පන්සිය හතළිස් හතක් පමණ ප්‍රමාණයකි. ජාතක කතා තුළින් කිය‍වෙන්නේ බුදු රජාණන් වහන්සේගේ බෝධිසත්ත්ව සම‍යේදී එනම් බුදු බව ලැබීමට පාරමිතා පිරූ ආත්ම භවයන්හිදී සිදුවූ සිද්ධීන්ය. ‍මේ අතරින් සමහරක් ජාතක කතා ඉතා ‍කෙටිවන අතර සමහරක් කතා ඉතාමත් දීර්ඝ වේ෴

311209swb060